අවුරුද්දේ ලංගම ආදායම මිලියන 100ක්

අප්‍රේ 13, 2019

    සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම යෙදවූ බස් රථවලින් පසුගිය 11 වැනි දා වන විට රුපියල් මිලියන 100කට අධික වාර්තා ගත ආදායමක් උපයා ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ ප්‍රධාන කළමනාකාර චන්ද්‍රා කිත්සිරි මහතා පවසයි.

    මෙවර උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1500ක් පමණ අමතරව ප්‍රවාහනයට එක්කර තිබේ. සාමාන්‍යයෙන් දිනකට බස් රථ 4800ක් පමණ ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ධාවනය කරවනු ලබන අතර ඒ අනූව මෙවර උත්සව සමයේ දී බස් රථ 6300කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කර ඇත. දිනකට පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් බස් රථ 1400ක් පමණ ධාවනය කරන අතර මෙවර උත්සව සමයේ දී එය 1800 දක්වා වැඩිකළ බව ඔහු කියා සිටියි.

    පසුගියදා කොට්ටාව, මාකුඹුරේ දී විවෘත කෙරුණු බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ තදබදය අවම වූ බව ද ඔහු පවසයි. මේ අනූව, බොහෝ ප්‍රදේශවල ජනතාව පිටකොටුව මධ්‍යම බස් නැවතුමට නොපැමිණ ප්‍රාදේශීය මට්ටමෙන් සිය ප්‍රවාහන අවස්ථා සපුරාගැනීමේ අවස්ථාව මේ වන විට උදාවී තිබේ.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 13:29

    Latest News