රුපියල ශක්තිමත් වීමෙන් ඉන්ධන මිල නොවෙනස්ව

අප්‍රේ 11, 2019

    අවුරුදු සමයේ දී ජනතාවට සහනයක් වන පරිදි මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් 67ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 7කින් ඉහළ ගොස් තිබේ. වැඩිවූ මිලට සාපේක්ෂව මිළ සූත්‍රය අනූව ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි. එහෙත්, උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීම සඳහා කිසිඳු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යා මංගල සමරවීර මහතා පවසයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 08:48

    Latest News