ජනාධිපති මාධ්‍ය සම්මාන; ජාතික රූපවාහිනියට සම්මාන 4ක්

අප්‍රේ 10, 2019

    රට තුළ, උසස් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා, මාධ්‍යවේදීන් ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලී දායකත්වය ඇගයෙන, ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද සවස පැවැත්විණ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂ නිපුණතා ඇගයීම, සම්මාන උළෙලේ ප්‍රධාන පරමාර්ථයයි. මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනටම අදාළව පිරිනැමුණු සම්මාන සංඛ්‍යාව 51ක්. ජූරියේ විශේෂ සම්මාන 4ක් ද ඊට ඇතුළත්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ද ජනාධිපති මාධ්‍ය සම්මානයට පාත්‍ර වුණා.

    ජිවිතයේ එක්වරක් හිමිවන “ශ්‍රී ලංකා මාධ්‍ය අභිමානී යාවජීව සම්මානය“ ආචාර්ය එඩ්වින් ආරියදාස, කරුණාරත්න අමරසිංහ, ලූෂන් බුලත්සිංහල සහ ලක්‍ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන්ට පිරිනැමිණ. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ සම්මාන උළෙල සංවිධාන කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්.

    Neshadi ban px 900 10 04 19

    Venitha mee px 900 10 04 19

    Suminda the px 900 10 04 19

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 13:39

    Latest News