මාකඳුරේ මධූෂ් මේ සතිය තුළ ලංකාවට

අප්‍රේ 09, 2019

    ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

    නාලක ද සිල්වාට රිමාන්ඩ් නොකිරීමට පරිවේෂණ සහිතව ලබන නඩු වාරයේදී අදාල සාක්කි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. එදිනට ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් නියෝග ප්‍රකාශ කරන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

    නාලකද සිල්වා ලබන 23 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 16:19

    Latest News