එකම පවුලේ දියණියන් අවාසනාවන්ත ඉරණමකට

අප්‍රේ 08, 2019

    අලව්ව, වලකුඹුර සංගිලි පාලම අසල මා ඔයේ ඥාතීන් සමඟ දියනාමින් සිටි කුඩා දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ (07) සවස 5.30 පමණ. දැරියන් දෙදෙනා දියේ ගිලෙමින් සිටිය දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන පොල්ගහවෙල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබේ.
    මෙලෙස මියගොස් ඇත්තේ 14 සහ 11 හැවිරිදි මැටිහේන, පොරමඩල, යටිගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි ඉනෝකා සචිනි සහ තිරෝෂා ජිමේෂිකා යන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. 

    මිය ගිය දැරියන්ගේ මෘත ශරීර පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අලව්ව පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

     

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 09:31

    Latest News