12.11ට හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

අප්‍රේ 08, 2019

    සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවර අතර පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකඅකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල් 12.11 ට ජාඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අම්බන්පෝරුවසහ කොටගොඩයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.  

    දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 09:41

    Latest News