update මාතර - බෙලිඅත්ත මංගල දුම්රිය ධාවනය ඇරඹේ (වීඩියෝ)

අප්‍රේ 08, 2019
  • update-මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය  මංගල දුම්රිය ධාවනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

     

    (7.05am)

    දකුණු ලකට - අලුත් මගක් යන තේමාවෙන් සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී. දුම්රිය, බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුවයි, උත්සවය ආරම්භ වන්නේ. මීට සමගාමීව පිලදූව හා වෙහොරහේන උප දුම්රිය ස්ථාන, කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල හා බෙලිඅත්ත දුම්රිය ස්ථාන ද විවෘත කෙරෙනවා.

    එම දුම්රිය මාර්ගය කිලෝමීටර 26,75ක දුරින් යුක්තයි. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 7ක් ගමන් ආරම්භ වෙයි. දුම්රියක් ගාල්ල දක්වාත්, දුම්රිය 4ක් මරදාන දක්වාත් ධාවනය කරවීමට නියමිතයි. සෙසු දුම්රිය දෙක ධාවනය කෙරෙන්නේ යාපනය හා වවුනියාව දක්වා. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන 6ක්. චීන රජයේ ණය ආධාර මත ඊට වැයකළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 278ක්. මෙරට දෙවැනි දිගම දුම්රිය පාලම් දෙක හමුවන්නේ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේදී. එනම් වටගම පාලම හා වෙහෙරගොඩ පාලමයි.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 10:46

    Latest News