මදූෂ් එක්ක අත්අඩංගුවට ගත් තවත් 2ක් කටුනායකට

අප්‍රේ 08, 2019

    මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව, එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද අලුයම යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

    ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්. මෙලෙස පිටුවහල් කර ඇත්තේ කොළඹ10,මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10,ජුම්මා මස්ජිත් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන්.

    ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය බාරයට ගත් බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 07:12

    Latest News