කොකෝන් කිලෝ 2ක් සමග ද.අප්‍රිකානු ජාතිකයෙක් ගුවන්තොටුපොළ අත්අඩංගුවට

මැයි 09, 2021

    කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක්‌ සූක්ෂම ලෙස සඟවාගෙන මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 කට ආසන්නයි. සැකකරු රැගෙන පැමිණි ගමන් මලු පරීක්ෂා කිරීමේ දී එහි තිබූ ''ෂැම්පු බෝතල්'' දෙකක් තුළ එම මත්ද්‍රව්‍ය සඟවා තිබිණ.

    ඔහු කටාර් ගුවන් සේවයට අයත් QR664 දරන ගුවන් යානයෙන් කෙන්යාවේ නයිරෝබි නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණ තිබේ.

    සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

    Latest News