“නුග සෙවණ නව ලේඛිකා අභිමංගල්‍ය“

අප්‍රේ 07, 2019

    ජාතික රූපවාහිනියේ “නුග සෙවණ නව ලේඛිකා අභිමංගල්‍ය“ රූපවාහිනී සංස්ථාවේ 3 වන මැදිරියේදී පසුගියදා පැවැත්විණ.

    නව ලේඛක පරපුරක් බිහිකිරීම එහි අරමුණයි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දෙදහසකට ආසන්න කෙටි කතා හා කාව්‍ය නිර්මාණ අතරින් කාන්තාවන් සිය දෙනෙකුගේ නිර්මාණ තෝරා ගෙන තිබේ.

    හුස්ම හෙලන පන්හිඳ කෙටි කතා සංග්‍රහය සහ කාව්‍ය සංග්‍රහය ජනගත කෙරුණේ ඒවා ඇසුරෙන්. එම නිර්මාණ තෝරා ගැනීම ප්‍රවීන විද්වත් මණ්ඩලයක සහභාගිත්වයෙන් සිදු කෙරිණ. මෙය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියගේ සංකල්පයක්.

    “නුගසෙවණ නව ලේඛිකා අභිමංගල්‍යයේ“ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රවීන ලේඛක ජයතිලක කම්මැල්ලවීර මහතායි. සරසවි ප්‍රකාශනයක් ලෙස මෙම ග්‍රන්ථ දෙක එළිදැක්විණ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 20:23

    Latest News