මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

අගෝ 31, 2024
    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

    ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ දින දක්වා පැමිණිලි 1482ක් ලැබී ඇති අතර ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.

    එම පැමිණිලි සංඛ්‍යාව 1419 ක් වනවා.
    මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07ක් සහ වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

    Latest News