ඡන්දය ප්‍රකාශය කරන විදිය ගැන මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්

අගෝ 31, 2024

    මැතිවරණ කොමිෂන් සභාව, එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව, එක් අපේක්‍ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්‍ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන් වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු  කිරීමට හැකියාව පවතිනවා. 

    අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකි බවයි, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

    ඡන්ද දායකයා ඡන්ද  පත්‍රිකාවේ තමන් කැමති අපේක්‍ෂකයාගේ නම හා ලකුණු ඉදිරියෙන් වෙන්කර ඇති කොටසේ  "1"  ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.
     
    ඉන්පසුව දෙක සහ තුන දරන ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවැනි හා තෙවැනි මනාප දැක්විය හැකියි.

    ඡන්ද දායකයෙකු විසින් ඡන්ද පත්‍රිකාවක සිය දෙවැනි හෝ තෙවැනි මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්‍ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේනම්, එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
     
    ඉහත සඳහන් ආකාරයට හැර ඡන්ද පත්‍රිකාව මත කතිරය ලකුණු කර ඇත්නම්, එය අපේක්‍ෂකයාට ලබා දුන් ඡන්දයක් ලෙස සැලකෙනවා.
    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2024 10:26

    Latest News