මහින්ද කොඩිතුවක්කුට විදේශ ගමන් තහනමක්

ජන 12, 2024
    බෝධි සත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළා.

    Latest News