අලුත් අවුරුද්දට විදුලිය - වෙසක් වනවිට ස්ථීර විසඳුමක්

මාර් 29, 2019

    විදුලිය බිඳවැටීමේ ප්‍රශ්නය දෙස බලා ස්ථීර සාර විසඳුමකට ඒමට කටයුතු කරන බවත් අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ කිසිදු විදුලි විසන්ධි වීමක් සිදු නොකරන බවත් වෙසක් මාසය වන විට විදුලි ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව විදුලි බල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    අමාත්‍ය රවී කරුණානායක “ විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ මා කනගාටු වෙනවා. මෙම විදුලි ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා. දින 72ක් මෙය බාරගෙන. එහෙත් වගකීම මා බාරගන්නවා. වත්මන් විදුලි බල අර්බුධය පිළිබඳ පැහැදිළි කිරීමක් කරන්න්නම්. විදුලි ධාරිතාව පහළ වැටී තිබෙනවා. දිනක විදුලි අවශ්‍යතාවය මෙගාවෝට් 2300ක්. එහෙත් දිනක විදුලි උපරිම උත්පාදන ධරිතාව මෙ.වො. 1350ක්. ලංකා විදුලි බල මණ්ඩලය හා අමාත්‍යාංශය සාර්ථක දේවල් කර තිබෙනවා. වැඩ කරන අයට ප්‍රශ්න තියෙන්නේ. සියයට 99%ක් විදුලිය තිබෙනවා. 2010 අද දක්වා ජනනය කර තිබෙන්නේ කොතරම් ප්‍රමාණයක් ද?

    එකතු කිරීමේ වැඩපිළිවෙලට සැපයුම නැති එකයි ප්‍රශ්නය. විදුලි බල මණ්ඩලයේ සියලු සේවක පිරිස සමඟ කිට්ටුවෙන් ප්‍රශ්නය දෙස බලා ස්ථීර සාර විසඳුමකට එන්න බලනවා. අප්‍රේල් සිංහල දෙමළ කාලයේ කිසිදු විදුලි විසන්ධි වීමක් නෑ. වෙසක් වන විට විදුලි ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳනවා. අපිට උත්තර දෙන්න බෑ ජනතාවට. සියලුම දේ විදුලිකරණය වෙනවා.

    සූර්ය කිරණ පිටට යන්න නොදී උපරිම ලෙස පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට කටයුතු කරනවා. බිලියන 233ක් තෙල්, ගල් අඟුරුවලට වියදම් කරනවා. සම්පූර්ණ ප්‍රශ්නයට විසඳුමක් දීමට අවශ්‍යයි. පොදු සැලසුමකට කටයුතු කිරීම අවශ්‍යයි. මුදල් ලැබුණොත් ප්‍රශ්නයෙන් සියයට ප්‍රමාණයක් අවසන්. අපි ආයෝජකයන්ට පහසුකම් ලබාදෙන්න ඕන. මෙ.වො. 3500ක් එකතු කරනවා. අපි ජාතික ප්‍රතිපත්තියක් ඇති කරමු. අපි අභියෝග බාරගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

     

     

     

     

     

     

     

     

     

    Latest News