ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වේ

මාර් 29, 2019

    දිවංගත ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

    මියයන විට අගේ වයස අවුරුදු 77කි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද සවස අභාවප්‍රාප්ත වූවාය. වෘත්තියෙන් නීතිඥවරියක වූ ශ්‍රීමා දිසානායක මහත්මිය කලක් මධ්‍යම පළාත් සභා සභිකයෙකු ලෙස සේවය කර ඇත.

    ගාමිණි දිසානායක මහතාගේ අභාවයෙන් පසු 1994 පැවති ජනාධිපතිවරණයේ අපේක්‍ෂිකාවක ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළාය. ගාමිණි දිසානායක මහතාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි දිසානායක මහත්මිය, ගාමිණි දිසානායක පදනමේ සභාපතිනිය ලෙස සමාජ සේවා රැසක් සිදුකර තිබේ. අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මිය අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මැණියන්වේ.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 20:00

    Latest News