අඳුරු යුගය අවසන්; රුපියලේ ශක්තියට විදේශ ආයෝජන ගලයි...ඉරාන්

අප්‍රේ 05, 2019

    ශ්‍රී ලංකා ආර්ථිකයට පදනමක් ගොඩනැගිමෙන් විදෙස් සෘජු ආයෝජනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    ඒ අනුව රුපියලේ අගය ශක්තිමත් වෙලා තිබෙනවා. තරඟකාරි රුපියලක් තිබෙන විට අපනයනය වැඩි වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද අවධාරනය කළේය. රාජ්‍ය අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මුදල් අමත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ දී මෙ බව කියා සිටියේය.

    රාජ්‍ය අමාත්‍යවරයා “ආණ්ඩු බලය ගන්නකොට රටේ තිබ්බ තත්ත්වය ඔක්කෝටම අමතක වෙනවා. අඳුර කාලයෙන් අප පැමිණියේ. මේ රටේ මාධ්‍ය නිදහසක්වත් තිබුණේ නෑ. අද එය වෙනස් වෙලා. මාධ්‍ය නිදහස වැඩි වී තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කළ කලයක හිටියේ. අපේ රජය පත් වුණාට පස්සේ කතා කරන්න නිදහසක් තිබෙනවා. අපේ කාලයේ මාධ්‍ය නිදහස ලබාදී තිබෙනවා. අපේ රජය මාධ්‍යට අලුත් නිදහසක් ලබාදී තිබෙනවා.

    අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් විවෘත කිරීම වැරදිද?සියලු ජාතීන්ට තම ආදරණීය ඥාතීන්ට කුමක්ද වුණේ කියලා දැනගත යුතුයි. මේවාට ප්‍රධාන පක්ෂ දෙක වගකිව යුතුයි. හානිපූර්ණ කාර්යාලය විවෘත කළේ ව්‍යවස්ථාණුකූලවයි. ජීවිත ගොඩනැගීමට. මෙය කළ යුතු කාර්යයක් කර තිබෙන්නේ. මෙය රටට තර්ජනයක් නොවේ. අධිකරණ ක්‍රමවේදයට දොස් කියනවා. ලෝකයට මේවා වැරදි ලෙස අර්ථකතනය කර පෙන්වනවා. විදෙස් ක්‍රමවේදයක් කියලා රටාට් බොරු කියනවා. මේක ශ්‍රී ලාංකික ක්‍රමවේදයක්. අපි අවංකව මේ දේවල් කළ යුතුයි. අපි සුද්දට නැවෙන අන්ඩුවක් නොවේ. අපි සන්ධිස්ථානයක ඉන්නේ. ආර්ථිකයක් හදන්න පෙර දේශපාලන සමාජ නිර්මාණය සිතිය යුතුයි. විවෘත ජාත්‍යන්තර සම්බන්ධ රජය පුරවැසියාගේ සේවකයා වන සමාජයක් සකස් කළ යුතුයි. ආර්ථික ක්‍රමවේදය තීරණය වන්නේ සමාජ ක්‍රමවේදය තීරණය වුවාට පසුවයි. තොරතුරු දැනගැනීමේ අයිතියේ නිදහස ජනතාවට ලබාදුන්නා. කොමිෂන් සභා හරහා පත්වීම් කරන්නේ. අද තියෙන්නේ නිදහස් යුගයක්.

    අද අධිකරණය නිදහස් යුගයක් තිබෙන්නේ. අවුරුදු 60ට පසුව මේ රටේ ප්‍රාථමික ධන ඉතිරියක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පදනමක් ගොඩනගා තිබෙනවා. සංචාරකයින් ලක්ෂ 24ක් ලංකාවට ඇවිත් තිබෙනවා. අපනයනය වැඩි කරමින් සිටිනවා. හැම වසරේම විදෙස් සෘජු ආයෝජනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. රුපියලේ අගය ශක්තිමත් වෙලා තිබෙනවා. තරඟකාරි රුපියලක් තිබෙන විට අපනයනය වැඩි වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

     

     

     

     

     

     

     

     

    Latest News