ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්න සුබ ආරංචියක්

ඔක් 24, 2023
    වයස අවුරුදු 60 ඉක්මවන ජ්යේෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අය කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

    වයස අවුරුදු 60 හෝ 60 ඉක්මවන වාර්ෂික ආදායම රුපියල් 12 ලක්ෂය ඉක්මවන සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩුකර ඇති සියලු ජ්යේෂ්ඨ පුරවැසියන්ට මේ සඳහා අයඳුම් කළ හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ජ්යේෂ්ඨ පුරවැසියන්ට කාර්තුවකට රුපියල් 25,000 ක් වන උපරිම ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැකි වනවා.
     
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, වෙබ් අඩවියේ සඳහන් අයඳුම් පත සම්පූර්ණ කිරීමෙන් හෝ ආසන්නතම නගරය හෝ ප්රාදේශීය කාර්යාලය වෙත හෝ පැමිණ මේ සඳහා අයඳුම් ක ළ හැකි බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    අයඳුම්කරුවන් විසින් තම අනන්යතාව තහවුරු කළ ලේඛනයේ පිටපතක්, වයස සනාථ කිරීමේ ලියවිල්ලක්, පොලි ආදායම දැක්වෙන බැංකු ප්රකාශන සහ අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීම් සනාථ කරන ලේඛන ඇතුළු අවශ්ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවයි, දැනුම් දෙන්නේ.

    Latest News