හමාස් තවත් කතුන් දෙදෙනෙක් නිදහස් කරයි

ඔක් 24, 2023
    හමාස් සංවිධානය විසින් ප්රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කොට තිබෙනවා.

     නමුත් ඔවුන්ගේ ස්වාමිපුර්ෂයන් දෙදෙනා තවමත් ප්රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින බවයි, ඊශ්රායලය තහවුරු කරන්නේ.

    නිදහස් කළ කාන්තාවන් දෙදෙනා ටෙල්අවිව්හි ඉච්ලොච් රෝහලට ඇතුළත් කොට තිබෙනවා. කටාර් සහ ඊජිප්තුව මැදිහත් වීමෙන් පසුව මොවුන් දෙදෙනා නිදහස් කොට ඇති බවයි, විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
     
    මේ වන විට හමාස් සංවිධානය විසින් ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 200 කට අධික පිරිසක් රඳවා ගෙන සිටින බව, ඊශ්රායලය පවසනවා.
     
    ඉකුත් පැය 24 තුළ ගාසා තීරයේ දී පලස්තීනුවන් ගණන 436 ක් මිය ගොස් තිබෙනවා. ඊශ්රායලය එල්ල කරන ගුවන් ප්රහාර හමුවේ දකුණු ගාසා තීරයේ ජනතාවට වාසස්ථාන, ආහාර, ජලය සොයා ගැනීමේ අර්බුදයක් ද ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
     
    තම හමුදාව, ගොඩබිම් ප්රහාර සඳහා පුහුණු අභ්යාසවල නිරත වන බව, ඊශ්රායල ආරක්ෂක අංශ ප්රකාශ කරනවා.
     
    ප්රහාර හමුවේ මෙතෙක් මිය ගිය පලස්තීනුවන් සංඛ්යාවක් 5,000 ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News