අධිවේගයේ වේගය අඩුවෙයි

නොවැ 01, 2018

    පවතින අධික වර්ෂාව හේතුවෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී පැයට කිලෝ මීටර 60ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස, මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාව පතිත වන බවයි, අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසන්නේ.

    රථවාහන ධාවනයේ දී ප්‍රධාන පහන් දල්වාගෙන රිය පදවන ලෙස ද රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    වාහනයක් ඉස්සර කිරීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, වාහන දෙකක් අතර නියමිත පරතරය පවත්වාගෙන යන ලෙසත් රියදුරන්ට දැනුම් දෙයි.

    Latest News