අගමැති වරප්‍රසාද ලබාදීමට එකඟතාවක්

නොවැ 01, 2018

    මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ සියලු අගමැති වරප්‍රසාද ලබාදීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.

    අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි එය සිදු කරණ බවයි කථානායක කාර්යලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.


    කථානායක කරු ජයසුරිය මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

    පාර්ලිමේන්තුව තුළ නව අග්‍රාමාත්‍යවරයාට හිමි පහසුකම් සැලසීම පිළිබඳව ජනාධිපතිතුමන් විසින් කථානායකතුමන්ගේ අවධානය යොමු කර ඇත.

    රාජ්‍ය නිලධාරින් ‍ මෙන්ම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව ක්‍රියා කරනු ඇති බව කථානායකවරයා විසින් පෙන්වා දී

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 14:02

    Latest News