විදුලි සැර දමා වන අලියෙකු මැරූ අයෙකුට රු. 175,000ක දඩයක්

ජූලි 05, 2023

    විදුලි සැර වැදීමට සළස්වා වන අලියෙකු මරා දැමූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් නියම කොට තිබෙනවා.

    ලෝක වනජීවී දිනය යෙදී තිබූ ඉකුත් මාර්තු 3 වැනිදා දිඹුලාගල කජුවත්ත ප්‍රදේශයේදී මෙම වන අලියා මරා දමා ති‍බුණා. සැකකරු වරද පිළිගැනීම නිසා අතිරේක දිසා විනිසුරු එම්.එම්.ඒෆ්.මින්හා මහත්මිය ඔහුට දඩ නියම කොට තිබෙනවා. පිඹුරැත්තෑව වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

    Latest News