සෝමාවතිය මාර්ගයේ දී හිමිනමකට වන අලි ප්‍රහාරයක්

ජූලි 05, 2023

    පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් හිමිනමක් අපවත්වී තිබෙනවා.

    අද අළුයම 3.45 ට පමණ සුගාවිල වනජීවී බීට්ටු කාර්යාලය අසලදී මෙම වන අලි පහරදීම සිදුවී ඇති බවයි පුලස්තිපුර පොලීසිය පවසන්නේ.

    සෝමාවති රාජමහා විහාරය වන්දනා‍ කොට ආපසු එමින් සිටියදී භික්‍ෂූන්වහන්සේ මෙම අනතුරට ලක් වුණා. උන්වහන්සේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩවිසූ ගිරිතලේ මෛත්‍රී හිමියන් ලෙස හඳුනාගෙන තිබෙනවා. උන්වහන්සේ පාගමනින් යාමට ප්‍රථම ප්‍රදේශවාසියෙකු ඉදිරියේ වන අලි සිටිය හැකි බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත් මෙලෙස ගොස් ඇති බවයි හෙළි වී ඇත්තේ. පාගමණින් සෝමාවතිය බලා පැමිණ ඇති එම හිමියන් වන්දනා බසයක නංවා පිටත්කර යැවීමටත් පුලස්තිගම ප්‍රදේශයේ විහාරාධිපති භික්‍ෂූන්වහන්සේ නමක් පියවර ගෙන තිබුණා. එලෙස ගොස් අනාරක්ෂිතව අළුයම් කාලයේ ආපසු පැමිණෙමින් සිටියදී උන්වහන්සේ මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

    Latest News