ගෑස් බහී..නව මිල මෙන්න

ජූලි 04, 2023

    ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,982ක් වන බවයි, මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ.

    කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

    මුදිත පීරිස් මහතා පවසන්නේ, මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව බවයි.

    Latest News