ලබන ඉරිදා ඇතැම් විට ගෑස් මිලේ සංශෝධනයක්  සිදු විය හැකි බව, ලිට්‍රෝ සභාපති පවසයි

නොවැ 04, 2022

    ‍‍‍‍ගෑස් තොග රැගත් නෞකා දෙකක් ලබන සඳුදා  වන විට ශ්‍රී ලංකාවට ළඟා වන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

    මේ වන විටත් අවශ්‍ය තරම් ගෑස් සංචිත සමාගම සතුව පවතින බවයි, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.  ලබන ඉරිදා ඇතැම් විට ගෑස් මිලේ සංශෝධනයක්  සිදු විය හැකි බව, සභාපතිවරයා කියා සිටියා. එවැනි සංශෝධනයක් අපේක්‍ෂාවෙන් දිවයිනපුරා තොග ගැනුම්කරුවන් සම්පූර්ණ ඇනවුම් ලිට්‍රෝ සමාගමට ඉදිරිපත් නොකිරීම වර්තමානයේ තාවකාලිකව පවතින ගෑස් හිඟයට හේතුව බව,  මුදිත පීරිස් මහතා සඳහන් කළා.  

    තොග අලෙවි නියෝජිතයන් වෙතින් සිල්ලර අලෙවි නියෝජිතයන් වෙත ගෑස් තොග ලබා නොදීම ඊට හේතුවයි. සමාගම සතුව මෙට්‍රික්‍ ටොන් 2000ක පමණ සංචිත මේ වන විටත් පවතිනවා. ලබන සඳුදා දිවයිනට ළඟා වන නෞකා මගින් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක පමණ ප්‍රමාණයක් පැමිණෙන අතර, ඒ අනුව, කිසිඳු ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරනවා.

    Latest News