ගෑස් මිල අද අඩු වෙයිද?

සැප් 04, 2023
    ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.
    එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්රයට අනුව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්යම රාත්රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
     
    මේ වන විට කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982ක මිලකට අලෙවි වන අතර කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198කට හා කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561ක මිලකට අලෙවි කෙරෙනවා.
     
    ලිට්රෝ ගෑස් මිල අද (04) මධයම රාත්රියේ සිට සංශෝධනය කෙරෙන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

    Latest News