හොර්ටන්තැන්නට යන පාර අවහිරයි

ජූලි 04, 2023

    නුව‍රඑළිය ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් නුවරඑළිය, හෝටන්තැන්න ප්‍රධාන මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටී තිබෙනවා.

    මේ හේතුවෙන් ගමනා ගමන කටයුතු අද (04) උදෑසන සිට ඇණ හිට ඇති බවයි, නානුඔය පොලීසිය පවසන්නේ.

    මාර්ගය අභියස තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතිවලට සහ දුරකථන රැහැන් පද්ධතිවලට ද අලාභ හානි සිදුව තිබෙනවා.

    එම නිසා, මිපිලිමාන ප්‍රදේශයේ ජනතාවට මේ වන විට විදුලිය බලය ඇණ හිට ඇති බව ද පොලීසිය පවසනවා.

    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ වන විට පියවර ගෙන තිබෙනවා.

    Latest News