පීල්ලෙන් පිටගිය කෝච්චිය

මැයි 13, 2023

    උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, වටගොඩ සහ ග්‍රේට්ටෙස්ටන් අතර දුම්රියක් පීලි පැනිම හේතුවෙන්.

    ඒ අනුව, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කෙරෙනවා.

    බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

    පවතින වැසි තත්ත්වය හේතුවෙන් පීලි පැනීමට ලක් වූ දුම්රියේ මැදිරි යළි පීලිගත කිරීමටද බාධා එල්ල වී තිබෙනවා.

    කෙසේ වෙතත් හැකි ඉක්මනින් එම දුම්රිය පීලි ගත කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

    Latest News