කරන්නාගොඩට අමෙරිකාව තහනම්

අප්‍රේ 27, 2023
    වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබෙනවා.

    මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බව අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිද ශ්රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බවයි,නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්ය ලේකම් ඇන්ටෝන් ජේ.බිලින්කන් පෙන්වා දෙන්නේ.
     
    යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බව අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News