කොළඹ තවත් පිළිවෙල වෙන්නයි යන්නේ

අප්‍රේ 27, 2023
    කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථ ගාල් හතරක් ඉදි කෙරේ.

     නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථ ගාල් ඉදි කරනු ලැබේ.

    ඉන් රථ ගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරනු ලබන අතර අනෙක් රථ ගාල් දෙක පෞද්ගලික අංශය විසින් ඉදි කෙරෙනු ඇත.
     
    කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළෙඳපොළ, නාරාහේන්පිට ප්රදේශවල මෙම රථ ගාල් ඉදි කිරීමට නියමිතය.
     
    ඒ අතරින් පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ ඉදි කළ කොළඹ 02, යුනියන් පෙදෙස පොදු රථ ගාල ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතාගේ ප්රදානත්වයෙන් පෙරේදා (25) සිදු කෙරිණි.
     
    ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් මෙම රථ ගාල ඉදි කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,400ක් වැය වී තිබේ. මෙහි හිමිකාරිත්වය වසර 30න් පසුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.

    Latest News