අදත් මාර රස්නයක්..පරිස්සමින්

අප්‍රේ 24, 2023

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (24) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

    එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News