අදත් උණුසුම වැඩිම දවසක්

අප්‍රේ 20, 2023

    අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    එම නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මෙන්ම දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැදගත්.

    මේ දිනවල බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇති.

    උණුසුම් දර්ශකය අනූව එලෙස සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ලබන අතර එය සැළකෙන්නේ අවධානය යොමුකළ යුතු තත්වයක් ලෙසයි.

    මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ජනතාවට දැනුම් දෙනවා.

    Latest News