දප්පුල ලිවේරා TID යෙන් කැඳවයි

අප්‍රේ 24, 2023

    පාස්කු ප්‍රහාර මාලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (24) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

    පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණ එදිනට ඔහු පැමිණියේ නැහැ.
    ඒ වෙනුවෙන් නීතීඥවරුන් මාර්ගයෙන් හිටපු නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබිණ.

    කෙසේ නමුත්, මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු නීතිපතිවරයා පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාරතා කිරීමට ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News