අදත් මාර රස්නයක්

අප්‍රේ 21, 2023

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර හා වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-45 අතර මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

    ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

    Latest News