පෘථිවි ඉතිහාසයේ උණුසුම වැඩිම දවස

ජූලි 05, 2023

    පෘථිවි ඉතිහාසයේ උෂ්ණත්ව සටහන් තබාගැනීම ආරම්භ කළ දා සිට, වාර්තා වූ ඉහළතම පරිසර සාමාන්‍ය උෂ්ණත්ව අගය පසුගිය සඳුදා වාර්තා වුණා.

    බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සඳහන් කරන්නේ, උෂ්ණත්ව වාර්තා තබාගැනීම ආරම්භ කළ 19 වන සියවසේ අග භාගයේ සිට මේ දක්වා කිසිදු දිනක පරිසර උෂ්ණත්ව සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 17 ඉක්මවා නොතිබුණු බවයි.

    විද්‍යාඥයින් විශ්වාස කරන්නේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සහ මේ දිනවල පවතින ස්වභාවික පාරිසරික හේතු මෙ වාර්තාගත උෂ්ණත්වය ඉහළ යාමට හේතු වූ බවයි. ඉතිහාසයේ ඉහළම උෂ්ණත්ව අගයක් සහිත ජූනි මාසය ලෙස, පසුගිය ජූනි මාසය වාර්තා අතරට එක්වනවා. පසුගිය සඳුදා ලොව උෂ්ණත්ව සාමාන්‍යය වූයේ සෙල්සියස් අංශක 17 යි, දශම 0 යි එකක්. මීට පෙර වාර්තා වූ ඉහළම අගය වූයේ සෙල්සියස් අංශක 16 යි, දශම 9යි, දෙකක් වන අතර ඒ, 2016 වසරේ අගොස්තු මාසයේදී. මේ වසර මුල සිටම පර්යේෂකයන් විසින් අසාමාන්‍ය ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කොට සිටියා. ගොඩබිම පමණක් නොව, සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම ද මේ වනවිට පෘථිවියට ඉතා දැඩි අහිතකර බලපෑම් එල්ල කරමින් තිබෙනවා. පසුගිය කාලයේ යු‍රෝපයේ සහ ආසියානු රටවල් කිහිපයකම දැඩි උණුසුම් කාලගුණික තත්වයන් වාර්තා වූ අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා තිබුණා.

    Latest News