අර්*ධ සුඛෝපභෝගී බස් සේවාවේ අවසානය

අප්‍රේ 18, 2023

    අර් ධ සුඛෝපභෝගී බස් සේවාව, ලබන මැයි මාසයේ සිට අවසන් කරන බව, ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.

    එහි සභාපති නිලාන් මිරැන්ඩා මහතා සඳහන් ‍කළේ, දීර් ඝ කාලයක් තිස්සේ ජනතාවගෙන් ලද පැමිණිලි විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන ප්‍රවාහන අමාත්‍යාශයේ උපදෙස් පරිදි මෙම තීරණයට ‍එළඹි බවයි.  දුර ගමන් සේවා යටතේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අර් ධ සුඛෝපභෝගී බස් රථ 450 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කර තිබෙනවා.

    ඒ අතරින් බස් රථ 20 ක් පමණ සාමාන්‍ය සේවා යටතේ ධාවනයට මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බවයි, ජාතික ගමනා ගමන කොමිසම පවසන්නේ. අර් ධ සුඛෝපභෝගී බස්රථ හිමියන්ට සිය බස් රථ සාමාන්‍ය සේවා හෝ සුඛෝපභෝගී තත්වයට හෝ පරිවර්ථනය කළ හැකි බව, කොමිසම පෙන්වා දෙනවා. එම පරිවර්තනය සඳහා කිසිදු අතිරේක ගාස්තුවක් අය නෙකෙරන බවයි, ජාතික ගමනා ගමන කොමිසම පවසන්නේ. බස් රථවල අවශ්‍ය වෙනස්කම් හා පරිවර්තන මැයි මස 31 වැනිදාට පෙර සිදු කරන ලෙස, අදාළ බස් රථ හිමියන් දැනුවත් කර තිබෙනවා.

    Latest News