බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජීවිතක්ෂයට

මාර් 22, 2019

    වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජීවිතක්ෂයට පත්වේ.

    බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මෙසේ මියගොස් ඇත.

    පසුගිය බදාදා (20) බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කළේය.

    වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (22) අළුයම මන්ත්‍රීවරයා මියගොස් ඇති බව වාර්තා වේ.

    වෙඩි තැබීම සිදු කළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News