රෝද තුනත් ගණං බස්සයි

මාර් 29, 2023

    පෙට්‍රල් මිල අඩු වීම හේතුවෙන්, ත්‍රී රෝද රථ ගාස්තු ද අඩු කරන බව, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසවා.

    ඒ අනුව, පළමු කිලෝමීටරයට රුපියල් 100/- ක මුදලකුත්, දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80/- ක මුදලකුත් අය කිරීමට නියමිතයි

    තමන්ට කතා කළ හැක්කේ මීටර් සහිත ත්‍රිරෝද රථ වෙනුවෙන් පමණක් බව සඳහන් කළ ඔහු කියා සිටියේ දැනට එවැනි ත්‍රිරෝද රථ විවිධ ගාස්තු යටතේ ක්‍රියාත්මක වන බවයි.

    ත්‍රිරෝද රථ සඳහා සතිපතා ලීටර් පහක ඉන්ධන කෝටාවක් ලබාදීම හේතුවෙන් වැඩි මිලට මිලදී ගන්නා ඉන්ධන භාවිත කරමින් ක්‍රියාත්මක වීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව ඉන්ධන කෝටාව වැඩි කළහොත් ත්‍රිරෝද රථ ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බව ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News