මිදිගම වෙඩි තැබීම - හෝටල් හිමිකරු මිය යයි

මාර් 30, 2023

    මාතර, මිදිගම ප්‍රදේ‍ශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් එහි හිමිකරු මියගොස් තිබෙනවා.

    තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කළ ඔහු අද (30) අලුයම 3.00ට පමණ මිය ගිය බවයි, වාර්තා වන්නේ.

    මෙලෙස මිය ගියේ 32 හැවිරිදි සිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නමැති අයෙක්.

    වෙඩි තැබිම ‍සඳහා යොදාගත් වෑන් රථය අහංගම ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී පොලීසිය විසින් සොයා ගැනුණා.

    සිද්ධිය සම්බන්ධයෙන් ‍විමර්ශන ක්‍රියාත්මකයි.

    2021වසරේ ද මෙම හෝටල් හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් ඔහුගේ සහෝදරයා මිය ගොස් තිබෙනවා.

    Latest News