මුදලිගේට එරෙහි අභියාචනයට මොකද වුනේ ?

මාර් 27, 2023

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ‍එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන මස 3 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

    ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රක්ෂිත බන්ධානාගාර ගත කරසිටි වසන්ත මුදලි‍ගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කර තිබුණා.

    එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.

    Latest News