අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ‍එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ලබන මස 3 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 18 වනදා කැඳවන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අදාළ රැඳවුම් නියෝගය ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

Latest News