පළමු වතාවට ආ අමුත්තා

මාර් 27, 2023

    ලොව, අති නවීනතම මගී ගුවන් යානයක්, පළමු වරට අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.

    සිංගප්පූරු ගුවන් සේවයට අයත්, මෙම යානය, සිය මංගල ගමන ලෙසයි, ලංකාවට ගොඩබසිනු ලැබුවේ.

    අමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම  විසින් නිපද වූ මෙයට, මගීන් 337 දෙනෙකු  රැගෙන යාමේ හැකියාව පවතිනවා.

    ඩ්‍රීම් ලයිනර්, ගුවන් යානා කාණ්ඩය යටතේ නිෂ්පාදනය කෙරෙන මෙම යානය මගින් 277 දෙනෙක් අද දිවයිනට ළඟා වුණා. මෙම ගුවන් යානාව අද සිට සතියට දින 4 ක් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු‍වේ චැංගි ගුවන් තොටුපොළ අතර සෘජු ගුවන් ගමන්වල නිරත වනවා.

    මෙවැනි යානා පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට ඉමහත් පිටිවහලක් බවයි, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරන්නේ.

    Latest News