දේශබන්දුට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

මාර් 27, 2023

    ගාලුමෝදර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ‍එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක්, ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

    තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

    දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතුකළ මූලික විරෝධතාවක් පිළි ගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.

    Latest News