ඕමානයේ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය

නොවැ 22, 2022

    ඕමානයේ සුරක්ෂා නිවාසයේ මේ වන විට රැඳී සිටින කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ, එම පිරිස කඩිනමින් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර, ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු කුරුණෑගල සහ පල්ලෙකැලේ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

    විවිධ හිරිහැරයන්ට ලක් වූ තරුණියන් සහ කාන්තාවන් 77 දෙනෙකු මේ වන විට ඕමානයේ ශ්රීු ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සුරක්ෂා නිවාසයේ රැඳී සිටිනවා. ඉන් 65 දෙනෙකු සංචාරක වීසා මගින් එරටට පිටත්ව ගිය අයයි. ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්ය යේ ගෘහස්ථ සේවා සඳහා රැකියා නියෝජිත ආයතනවල මැදිහත් වීමෙන් තොරව, විදේශගතවන කාන්තාවන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීම ද ඊයේ සිට අත්හිටුවනු ලැබුවා.

    Latest News