ගේට්ටුව කඩාගෙන දුම්රියේ ගැටුනු ත්‍රීරෝද රථය

නොවැ 17, 2022

    අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසළ හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

    හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය, වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොළොන්නාවේ සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇත.

    අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි, අහුංගල්ල පොලීසිය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 09:34

    Latest News