මහකන්නයට කෘමිනාශක හා වල්නාශක බෙදාහැරේ

නොවැ 08, 2022

    මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

    මෙම කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකින් අනතුරුම එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී තිබෙනවා.

    ඒ අනූව අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල්නාශක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල්වලින් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සිදු කරනවා.

    ඉන්පසු එම සමාගම්වලින් ලබාදෙන වට්ටම් අනුව එහි සදහන් මිලට වඩා සියයට 5ක හෝ 6ක මිල අඩු කිරීමක් යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සියලු කෘමිනාශක හා වල්නාශක ගොවි ජනතාව වෙත අලෙවි කිරීමට නියමිතයි.

    එම අලෙවියෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ගොවි සංවිධාන වෙත ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    මෙම වැඩපිළිවෙල එළඹෙන සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News