ධනුෂ්කට අදත් ඇප නෑ

නොවැ 07, 2022

    චෝදනාවට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිල‍කට  ඇප ලබා දීම, සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ධනුෂ්ක තවදුරටත් අත්අඩංගුවේ පසු වන බවයි, වාර්තා වන්නේ.

    20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීව සිටි ධනුෂ්ක ගුණතිලක, ඊයේ අළුයම අත්අඩංගුවට ගැනුණා.  ඒ,   ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කාන්තාවක කළ පැමිණිල්ලකට අනුවයි. 

     ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව දින ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇසුරු කර ඇති බවත්, පසුව ඔහු සිඩ්නි නුවර "රෝස් බේ" ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී  අදාළ කාන්තාව මුණගැසී ඇති බවත්,  ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණා. ලිංගික අතවර චෝදනා 4 ක් සම්බන්ධයෙන් චෝදනා ධනුෂ්කට එරෙහිව එල්ල වී තිබෙනවා.

    ධනුෂ්ක, විදේශිකයෙකු වීම සහ ඔහු ලබා දුන් ලිපිනයේ සිටින බවට සහතිකයක් ලබා දිය නොහැකි වීම යන කරුණු අනුවයි, ධනුෂ්කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත්තේ. අද අලුයම දිවයිනට පැමිණි මහේල ජයවර්ධන ද, ධනුෂ්ක ගුණතිලකගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණාගාටුව පළ කළා.

    Latest News