සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට පාපැදියෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට

නොවැ 05, 2022

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඉලක්කකරගනිමින් සංවිධාන කෙරුණු පාපැදි සවාරියක් පේදුරුතුඩුවෙන් අද (05) උදේ ආරම්භ කෙරුණා.

    එම පාපැදි සවාරිය දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතයි.  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ලෝකයට පණිවුඩයක් යැවීම මෙම පාපැදි සවාරිය සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණයි. මෙරට පාපැදිකරුවන් මෙන්ම විදෙස් පාපැදිකරුවන්  පිරිසක්ද මීට එක්ව සිටිනවා. ඔවුන් පැය 24 පුරා සිය චාරිකාවේ නිරතව සිටිනවා.

    Latest News