රාත්‍රී තැපැල් දුම්රිය පැය 3ක් ප්‍රමාදයි

ජූලි 03, 2019

    තලවාකැලේ දුම්රිය ස්ථානය තුලදි මාර්ග සංවර්ධනය සදහා උපයෝගී කරගන්නා දුම්රියක් පිළි පැනිමක් නිසා බදුල්ල - කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය පැය තුනකින් පමණ ප්‍රමාද වී තිබේ.

    තලවාකැලේ සිට නානුඔය දක්වා වු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු වෙනුවෙන් කලුගල් අතිරිමේ කටයුතු වල නිරතවු දුම්රියක් කාර්මික දොෂයක් ලක්ව තිබේ. එම නිසා තලවාකැලේ දුම්රිය ස්ථානය තුල ප්‍රධාන මං තිරුවේ පිලි පැණීමක් සිදුව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (02) රාත්‍රි 10.00 ට පමණ. අනතුරත් සමඟ තලවාකැලේ දුම්රිය ස්ථානය හරහා දුම්රිය ධාවනයට අවහිර විය.

    එම හේතුව නිසා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු රාත්‍රි 11 .40 තලවාකැලේ දුම්රිය ස්ථානයට ළගාවී ඒ හරහා කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබු රාත්‍රී තැපැල් දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේදි නතර කර තැබීමට සිදුවිය.

    එම දුම්රිය පිළිගත කිරිම සදහා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නානුඔය කාරිමික අශයේ නිලධාරින් හා සෙවකයින්ගේ සහබාගීත්වයෙන් සිදු කල අතර අළුයම 1.26 ට පමණ කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබු රාත්‍රි තැපැල් දුම්රිය නැවත ගමන් ඇරඹිණ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 08:17

    Latest News