අධික වේගය නිසා දස දෙනෙකුට තුවාලයි

නොවැ 02, 2022

    අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වූ අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

    අද (02) දින උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේ දීය.

    හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටි අනතුරට පත් වි ඇත.

    තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයක රියදුරා සිටින බවත්, එම මාර්ගයේ අනතුර බහලු වශයෙන් සිදු වන වංගුවක් අසල මෙම අනතුර සිදු වි ඇති බවත්, බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 12:48

    Latest News