විදේශ ආයෝ්ජන පාරාදිසයක්..... නලින් බණ්ඩාර

මාර් 19, 2019

    ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යපෘති දෙකක් හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණඩාර මහතා අද (19) ප්‍රකාශ කළේය.

    කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ආයෝජනයන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.95ක් බවද අනාවරණය කළේය.

    මෙම ව්‍යාපෘති දෙක අක්කර 200ක් පුරා පවතින තෙල් පිරිපහදු සංකීර්ණයකින්ද අක්කර 64ක භූමියක පිහිටුවා ඇති සිමෙන්ති නිෂ්පාදන කම්හලකින්ද සමන්විත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා "2004 වසරේ ආරම්භ වූ මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය පසුගිය වසර 03 තුළදී ආයෝජනවලින් පුරවන්න අපට හැකි වුණා. මෙම ව්‍යාපෘති දෙක ඇරඹිමෙන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ කාර්යක්ෂම සහ සක්‍රීයව භාවිතයට ගැනීමට අපට හැකියාව ලැබෙනවා. හම්බන්තොට වරාය සක්‍රීය වීමට නම් වරාය ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යයි. රජය ආයෝජන මණ්ඩලය එක්වෙලා මේ සඳහා විශාල වැඩකොටසක් සිදු කරනවා."

    ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්ත ශාලාව මඟින් වසරක් තුළ දී මෙට්ට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදය කළ හැකිය. මාස 18ක් ඇතුළත මෙහි වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන බවත් මෙමඟින් සෘජු රැකියා 10000 පමණ ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම අවස්ථාවට එක් වූ බස්නාහිර මහ නගර සැලැසුම් ව්‍යාපෘති සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා මහතා කියා සිටියේය.

    මෙම තෙල් පිරිපහදු සංකීර්ණය වැඩ කටයුතු මාස 44කින් අවසන් කිරිමට බලාපොරොත්තු වන අතර මේ සඳහා සිංගප්පූරු සහ ඕමාන් ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත් වී ඇත. පැරණි තත්ත්වයේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනුවට මෙය ඉතා හොඳ ආයෝජනයක් බවත් පෙට්ට්‍රෝලියම් සහ අනෙකුත් සමාගම් වලට අඩු මුදලට මෙමගින් තෙල් ලබා ගත හැක. මෙමගින් සෘජු සහ වක්‍ර රැකියා රැසක් උත්පාදනය වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

     

     

    Latest News